විදුලි සෝපානයක් කඩා වැටී තරුණයෙක් මරුට

7

මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක සේවයේ නියුතුව සිටි තරුණයෙකු විදුලි සෝපානයක් කඩා වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරුක්ගොඩ – පානදුර ලිපිනයේ පදිංචිව සිටි බව කියන 19 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය වූ දින මහල් හතරකින් යුත් හෝටලයේ උඩුමහලට අවශ්‍ය කෝප්ප පිඟන් රැගෙන යාමට කටයුතු කරමින් සිටියදී සෝපානය ඇඟට කඩා වැටී ඇති බව සිදුකළ මූලික විමර්ශනයෙන් දී හෙළි වී ඇතැයි පොලිසිය පවසා සිටී.