ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරයක් වනාන්තරයකට කඩා වැටී ගුවන් නියමුවාද ඇතුළත් ව පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
උත්තරාකන්ඩි සිවිල් ගුවන් සේවා අධිකාරිය අනතුර සම්බන්ධව පවසා ඇත්තේ සිදුවීම ඉන්දීය වේලාවෙන් අද අලුයම 5.20 සිදුවී ඇති බවයි.
වැඩිහිටියන් පස් දෙනෙකු සහ දරුවෙකු යානයේ ගමන් කර ඇති අතර අනතුරින් ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයිද,ඔවුන් උත්තරාකන්ඩි, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් යන ප්‍රදේශවලින් පැමිණි අය බවද වාර්තා වේ.
අනතුරට හේතුව බවට මේ වන විට හඳුනාගෙන ඇත්තේ තාක්ෂණික දෝශ සහ කාලගුණික තත්ත්වයන් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.