Home උණුසුම් පුවත් කොහුවල වෙඩි තැබීමක්

කොහුවල වෙඩි තැබීමක්

අද (15) අලුයම් කාලයේදී කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබේ.

සැකකරුවන් විසින් නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා ඇති අතර, වෙඩි තැබීමෙන් ජිවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති බව වාර්තා වේ.

මුදල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන අනුව පොලීසිය සැකකරනු ලබයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කොහුවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

Exit mobile version