Home උණුසුම් පුවත් ස්පා ගිහින් ෆ්‍රී සර්විස් ඉල්ලලා! පොලිසියේ තුනකට වැඩ වරදියි

ස්පා ගිහින් ෆ්‍රී සර්විස් ඉල්ලලා! පොලිසියේ තුනකට වැඩ වරදියි

මාතර කොට්ඨාශයේ වැඩ බලන පොලිස් අධිකාරිවරයා විසින් මාතර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර තිබෙනවා.

තිහගොඩ සහ මාවරල යන පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන මෙම නිලධාරීන් තිදෙනා මාතර වල්ගම ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් එහි කළමණාකාරවරිය සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති කරගෙන ඇති අතර පසුව එහි සේවය නොමිලේ ලබා ගැනීමට උත්සහ දරා තිබෙන බවට ලද පැමිණිල්ලක් මත සිදු කළ පරීක්ෂණයකදී අදාළ නිලධාරීන් තිදෙනා එම චෝදනාවට වැරදිකරුවන් බවට පත්ව තිබුණා.

ඒ අනුව පොලිසියේ විනය පවත්වා ගැනිමට හානිවන අයුරින් හැසිරීම, පොලිස් නිලධාරියෙකු ලෙස තම නිලය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම යන වැරදි මත අපකීර්තිදායක හැසිරීම හා දුෂිත ක්‍රියා යන චෝදනා හේතුවෙන් අදාළ නිලධාරීන්ට වැඩ බලන පොලිස් අධිකාරිවරයා විසින් මෙම නියෝග නිකුත් කෙරුණා.

මේ සම්බන්ධයෙන් මාතර පොලිස් අධිකාරි කාර්යාලය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරනු ලබනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version