Home උණුසුම් පුවත් පොල් අපනයනයටත් හෙණ වදී? ග්‍රාමීය පවුල් දහස් ගණනක් හාන්සියි

පොල් අපනයනයටත් හෙණ වදී? ග්‍රාමීය පවුල් දහස් ගණනක් හාන්සියි

මෙරට වටිනාම අපනයන අංශයක් වන පොල් කර්මාන්තයටද බරපතල තර්ජනයක් එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද, අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත 30%ක ආනයන තීරුබදු හේතුවෙන්.

ඇමරිකාව යනු මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදනවල විශාලතම ගැනුම්කරුවායි.

අංශයේ අපනයනවලින් 20%කට වඩා වැඩි ප්‍රමාණයකට ඇමරිකාව දායක වනවා.

එසේම, පොල් ආශ්‍රිත අපනයන හරහා දැනට ශ්‍රී ලංකාව විසින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 857කට අධික ආදායමක් උපයා ගන්නා බවද සඳහන්.

මෙවැනි තත්වයක් යටතේ පොල් ආශ්‍රිත අපනයනයන්ට එල්ල වන තර්ජනය අප ආර්ථිකයට දැඩිව බලපානු ඇති බවටද, මෙරට ග්‍රාමීය පවුල් දහස් ගණනකගේ ආර්ථිකය අවිනිශ්චිතභාවයට තල්ලු කිරීමේ අවදානමක් නිර්මාණය කරනු ඇති බවටද ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය අනතුරු අඟවමින් කියා සිටිනවා.

මෙරට පොල් ආශ්‍රිත අපනයන නිෂ්පාදන සැබවින්ම ගුණාත්මක භාවයෙන් ඉහළ නමුත්, පැනවීමට නියමිත තීරුබද්ද ඔස්සේ සිදුවන මිල ඉහළ යෑම හරහා ගැනුම්කරුවන් පිරිවැය මත බර තබා මෙරට නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීමට පෙළඹෙනු ඇති බවටයි පොල් කර්මාන්ත මණ්ඩලය පවසන්නේ.

ඒ වෙනුවට ඔවුන් පිලිපීනය, වියට්නාමය සහ ඉන්දියාව වැනි තරඟකාරී සැපයුම්කරුවන් වෙත යොමුවීමේ ඉඩකඩක් පවතින බවටද එම මණ්ඩලය පෙන්වා දෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version