Home උණුසුම් පුවත් අඩ නිරුවතින් ගිය තායි කත පිරිමියෙක් වෙයි! අබුද්දස්ස කාලේ කතාවක්!

අඩ නිරුවතින් ගිය තායි කත පිරිමියෙක් වෙයි! අබුද්දස්ස කාලේ කතාවක්!

ආරුගම්බේ ප්‍රදේශයේදී උඩුකය නිරුවතින් ඇවිද ගිය බවට පැවසෙන සංචාරක තායි ජාතික කතක් පිළිබඳ පුවත අප මින් පෙර ඔබ වෙත ගෙන ආවා.

එම කාන්තාවට අධිකරණය විසින් දඬුවම් නියම කොට ඇති බවට වූ පුවතද අප මෙන්ම සියළුම මාධ්‍ය පාහේ වාර්තා කළා.

එහෙත්, අද පළවන අලුත්ම පුවතකින් හෙළිවන්නේ ඉතාමත් විස්මයජනක කරුණක්.

එනම්, කාන්තාවක බව පැවසෙන මෙම පුද්ගලයා ඇත්තෙන්ම කාන්තාවක් නොවන බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සංචාරකයාගේ ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් වයිරල් වීම හරහා මෙම නව පුවත සමාජය තුළ සංවාදයට බඳුන්ව තිබෙනවා.

මෙම ගමන් බලපත්‍රයේ මේ පුද්ගලයාගේ ස්තී – පුරුෂභාවය ඉදිරියේ සටහන්ව ඇත්තේ “පිරිමි” වශයෙන්.

මේ අනුව මෙම පුද්ගලයා මෙරට පොදු ව්‍යවහාරයේ සඳහන් වන පරිදි ස්ත්‍රීත් නොවන පුරුෂත් නොවන සංක්‍රාන්ති ලිංගික තැනැත්තෙකු බවට සිතිය හැකියි.

කෙසේ වෙතත් නීතිමය වශයෙන් මෙම පුද්ගලයා හඳුනාගන්නා ලියකියවිලි තුළ ඔහු පුරුෂයෙකු වශයෙන් සඳහන් වීම නිසා මෙම සංචාරකයාට එරෙහිව අධිකරණය මගින් පැනවූ දඬුවම ප්‍රශ්නකාරී වන බවයි ඇතැම් සමාජ කණ්ඩායම් පවසන්නේ.

මන්ද යත්, මෙරට නීතියට අනුව පුරුෂයින් ප්‍රසිද්ධියේ උඩුකය නිරුවතින් හැසිරීම අපරාධයක් ලෙස නොසලකන බැවිනි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version