Home උණුසුම් පුවත් උප පොලිස් ලොක්කාගෙන් WPC ට අඩන්තේට්ටම්

උප පොලිස් ලොක්කාගෙන් WPC ට අඩන්තේට්ටම්

තංගල්ල මූලස්ථාන පොලිසියේ සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචනයෙන් බැන වැදී ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීම සම්බන්ධයෙන් තංගල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කල උප පොලිස් පරීක්ෂකවරයෙකු තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 12 දා එම නිළධාරිනිය විසින් ළමා හා කාන්තා කාර්යාංශයට කල පැමිණිල්ලක් අනුව සැකපිට මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්

සිද්ධිය සමබන්ධයෙන් කාන්තා පොලිස් කොස්තාපල්වරිය තංගල්ල සහකාර පොලිස් අධිකාරිවරයා වෙතද පැමිණිලි කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version