Home උණුසුම් පුවත් උඩුකය නිරුවතින් පාරේ ඇවිදලා! තායි කත පොතුවිල් පොලිස් දැලේ!

උඩුකය නිරුවතින් පාරේ ඇවිදලා! තායි කත පොතුවිල් පොලිස් දැලේ!

උඩුකය නිරුවතින් මාර්ගයේ ගමන් ගත් තායිලන්ත කාන්තාවක් පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා කාර්යංශයේ නිළධාරිනියන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම විදෙස් කාන්තාව එක් හෝටලයක සිට තවත් හෝටලයක පිවිසුම දක්වා මෙලෙස උඩුකය නිරුවතින් ගමන් කර ඇති බවයි.

පොතුවිල් පොලිසියේ කාන්තා නිළධාරින් සහ පොලිස් නිළධාරින් පිරිසක් ගොස් අත් අඩංගුවට ගෙන පොතුවිල් පොලිස් ස්ථානයට ගෙන ආ මෙම විදෙස් කාන්තාව අද (15) පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිසිය පවසා සිටිනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version