Home උණුසුම් පුවත් අඩු කැරට් රත්තරන් වැඩි මිලට උකස් අරන්! රාජ්‍ය බැංකු නිලධාරිණියට වැඩ වරදී

අඩු කැරට් රත්තරන් වැඩි මිලට උකස් අරන්! රාජ්‍ය බැංකු නිලධාරිණියට වැඩ වරදී

කොළඹ කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවක නිලධාරිනියක් අඩු කැරට් සහිත රන් භාණ්ඩ වැඩි තක්සේරු වටිනාකමට උකස් ගැනීමෙන් රුපියල් 99,370,100/ක වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර අළුබෝමුල්ල හොරණ පාර පදිංචි 31 හැවිරිදි රාජ්‍ය බැංකුවේ උකස් අංශයේ සේවය කරන මාණ්ඩලික සහකාර (තක්සේරුකරු) නිලධාරිනියක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ 01 වෙත ලද පැමිණිල්ලකට අනුව සැකකාර මාණ්ඩලික නිලධාරිනිය ඊයේ (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා සිටිනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version