
පාසල්වල සිදු කරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක් රැස්කිරීම් නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇති පසුබිමකදී රජයේ පාසල්වල සිසුන්ගෙන් විවිධ කටයුතු සඳහා මුදල් එකතු කරන බවට වන පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් තිබේ.
පසුගිය 2024 වසරේ සැප්තැම්බර් මාසයේ නිකුත් කළ අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ එවැනි සිදුවීම් පාසල් තුළ, ඇති නොවීමට විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බවයි.
මේ සම්බන්ධයෙන් වාර්තා වූ පැමිණිලි ගැන සොයා බැලීමට විමර්ශන කණ්ඩායම් යොදවන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා සඳහන් කර සිටියේය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදාළ පාර්ශවවල සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.