Home උණුසුම් පුවත් වැලපෙන ටෙක්සාස් – මරණ 51 දක්වා ඉහළට

වැලපෙන ටෙක්සාස් – මරණ 51 දක්වා ඉහළට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 51 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය ගිය පිරිස අතර ළමුන් 15 දෙනෙකු ද සිටින අතර ග්වාඩලුපේ ගඟ ආශ්‍රිතව ස්ථාපිත කර තිබූ කඳවුරක සිටි ගැහැණු ළමුන් 27 දෙනෙකු තවමත් අතුරුදන්ය.

ආපදාවෙන් පසු අතුරුදන් වූ පුද්ගලයන් සෙවීම සඳහා සහන සේවකයින් සිය ගණනක් යොදවා සිටින බව ද වාර්තා වේ.

මෙම ගංවතුර හේතුවෙන් දරුණුතම බලපෑමට ලක්වූ ප්‍රදේශය වන්නේ “කර්” ප්‍රදේශය වන අතර එහි වාර්තා වන මරණ සංඛ්‍යාව 43කි.

ආපදාවට ලක්ව සිටි පුද්ගලයින් 850 දෙනෙකු පමණ මේ වනවිට ආරක්ෂිතව මුදා ගෙන තිබෙන බවත් විදෙස් පුවත් මූලාශ්‍ර හෙළි කොට තිබෙන අතර, අතුරුදන් වූ සියල්ලන් සොයා ගන්නා තුරු ගලවාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩ ක්‍රියාත්මක කෙරෙන බවට කර් ප්‍රාන්තයේ ෂෙරිෆ් ලැරී ලීතා පොරොන්දු වී තිබේ.

Exit mobile version