
බොරැල්ලේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් වන අතර එම වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
එම සැකකරු වනාත මුල්ලේ දුමින්ද නැමැත්තාගේ පාර්ශවයේ පුද්ගලයෙකු බවට පොලිසිය සැක පල කරනවා.
බොරැල්ල සහස්පුර ක්‍රීඩාංගණයක සැරසිළි කටයුතු කරමින් සිටි තරුණයින් පිරිසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පසුගියදා වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ සිද්ධියේ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාස විසින් සිදු කරනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s