
අද (9) අලුයම 3.30ට පමණ බලන්ගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරකට අනුව බලන්ගොඩ පොලිසිය විසින් දරුවාගේ මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්.
පොලිසිය පවසන්නේ මියගිය දරුවාගේ මව සහ පියා නිවසේ සිට ඇති අතර, ඔවුන්ට ගින්නෙන් කිසිදු අනතුරක් සිදු නොවීම හේතුවෙන් මෙම මරණය සැකසහිත බවයි.
දරුවාගේ පියා මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහිවූවෙකු බවත් අනාවරණය වී තිබෙනවා.
පවුල් ආරවුල් හේතුවෙන් මව සහ පියා වෙන්ව සිට ඇති අතර දරුවාගේ මව ද වෙනත් පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.
ඊයේ (8) රාත්‍රියේ අදාළ කාන්තාව යළි නිවසට පැමිණ ඇති බවට කරුණු අනාවරණය වනවා.
එම පැමිණීමත් සමග කිසියම් ආරවුලක් ඇති වී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
මහෙස්ත්‍රාත් පරීක්ෂණය බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකරන අතර, දරුවාගේ මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතයි.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s