
ඕපනායක ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලීමෙන් පිරිමි දරුවෙකු මියගොස් ඇති පුවතක් වාර්තා වනවා.
ඊයේ (08) සවස මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වූ අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ ඉඹුල්තැන්න ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.
මෙම දරුවා දෙමාපියන් සමඟ හෝටලයට පැමිණ ඇති අතර මිතුරන් සමඟ පිහිනුම් තටාකයේ ජල ක්‍රීඩා කරමින් සිටින අතරතුර මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
දරුවා දියේ ගිලෙනු දැක වහාම ගොඩට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතත්, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s