
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන මෙලනි අබේගුණවර්ධන ඉදිරි දින කිහිපය තුළ පොලිසියට භාර නොවන්නේ නම්, ඇයට අයත් දේපළ තහනම් කිරීමේ අධිකරණ නියෝගයක් ලබා ගන්නටයි පොලිසිය සැරසෙන්නේ.
පොලිස් ආරංචි මාර්ග මෙම පුවත තහවුරු කොට සිටිනවා.
ඇය රැඳී සිටින බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක්ම මේ වන විටත් පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
නමුත් එම කිසිදු ස්ථානයකින් ඇය පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට පොලිසිය මෙතෙක් සමත්ව නැහැ.
නීතිවිරෝධී ලෙස ජීප් රථයක් ආනයනය කර එකලස් කිරීමේ සිද්ධියක ඇයද ප්‍රධාන සැකකාරියක වී සිටිනවා.
මෙවැනි පසුබිමක මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම විත්තික්කරුවෙකු වී සිටින තම ස්වාමිපුරුෂයා පමණක් අධිකරණයට ඉදිරිපත් කොට මෙම කාන්තාව නීතිය මගහැර සිටීමට තැත් කරන බවට විවිධ පාර්ශ්ව චෝදනා නගමින් සිටිනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s