Home උණුසුම් පුවත් කුඩා ගුවන් යානයක් කඩා වැටේ! ගුවන් තොටුපොලක් වැසෙයි

කුඩා ගුවන් යානයක් කඩා වැටේ! ගුවන් තොටුපොලක් වැසෙයි

ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

ඊයේ (13) එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ කුඩා ගුවන් යානයක් මද වේලාවකට පසු කඩා වැටී තිබෙනවා.

දිගින් මීටර් 12 ක් වූ බීච්ක්‍රොෆ්ට් බී 200 වර්ගයේ යානය කඩාවැටුණු සැනින් ගිනිගෙන තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් හෝ ජීවිත හානි සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වී නැහැ.

මෙම ගුවන් යානය ලන්දේසි සමාගමක් වන සියුෂ් ඒවියේෂන් සමාගමට අයත් SUZ1 වර්ගයේ ගුවන් යානයක්.

සිද්ධියෙන් පසු ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දැමුණා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version