Home උණුසුම් පුවත් දවසට ලීටර් 20යි – වැඩියෙන් බිව්වොත් සල්ලි නෑ! පාසල් වල අලුත්ම සිද්ධිය

දවසට ලීටර් 20යි – වැඩියෙන් බිව්වොත් සල්ලි නෑ! පාසල් වල අලුත්ම සිද්ධිය

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් පාසල්වල ජල බිල්පත් ගෙවීම් සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එක් ශිෂ්‍යයකුට මසකට ලීටර් 400 ක් වැයවන බවට සම්මත කරමින් රජය මුදල් ගෙවන බවත් ඉන් වැඩිවන සෑම බිල්පතක් සඳහාම පාසල මගින් මුදල් සොයා ගත යුතු බවත් අදාළ චක්‍රලේඛයේ සඳහන්.

ජල තටාක සහ වෙනත් අවශ්‍යතා සඳහා ජල සැපයුම් සම්බන්ධතා ලබාගෙන නැත්නම් ඒවායේ බිල්පත්ද පාසල මගින් ගෙවිය යුතු වෙනවා.

පාසල්වල පිහිටි විදුහල්පති නිවාස ගුරු නිවාසවල ජල බිල්පත් ඒවායේ පදිංචිකරුවන් විසින් ගෙවිය යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන්.

ඒ අනුව පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ගුරු මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එක් පුද්ගලයකුට දිනකට ජලය ලීටර් විස්සක් වැයවන බවට ගණනය කර දින විස්සක් සඳහා එනම් මසකට ලීටර් 400 ක් සදහා පමණක් රජයේ මුදලින් බිල්පත් ගෙවන බව එහි සඳහන් වන අතර මින් ඉදිරියට පාසල්වලට ජල බිල්පත් ලැබීමේදී රජයේ ගාස්තුව සහ අමතර ගාස්තුව යනුවෙන් කොටස් දෙකකින් යුතුව බිල්පත නිකුත් කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ සඳහන් කර තිබෙන්නේ අමතර ගාස්තු යටතේ ඇති මුදල පාසල් සංවර්ධන සමිතියේ අරමුදලින් ගෙවිය යුතු බවයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version