Home උණුසුම් පුවත් ඇප කොන්දේසි කඩලා – ආයෙත් කුණුහරුප කියලා! සද්ධාරතන හිමිට තවත් නඩුවක්!

ඇප කොන්දේසි කඩලා – ආයෙත් කුණුහරුප කියලා! සද්ධාරතන හිමිට තවත් නඩුවක්!

ඇප මත නිදහස් වී සිටින රාජාංගනය සද්ධාරත්න හිමියන් ඇප කොන්දේසි කඩ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව උන්වහන්සේ විසින් අන්තර්ජාල නාලිකාවක පළකර ඇති වීඩියෝ තුළින් අශිෂ්ඨ හා අසභ්‍ය වචන භාවිතා කර ඇති දැයි සොයා බලා ඒවායේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් රහස් පොලිසියට නියෝග කර තිබෙනවා.
එහිදි සැකකාර හිමි නම එම චෝදනා ප්‍රතික්ෂේප කර සිටි අතර එහිදි අධිකරණය නියෝග කළේ සැකකරු ජාතික රෝහලේ මානසික වෛද්‍ය සායනයට ඉදිරිපත් කර එහි වාර්තාවක්ද ඉදිරිපත් කරන ලෙසයි.
මෙම හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායෙන් මේ වන විට නෙරපා ඇති බව එම නිකාය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

Exit mobile version