Home උණුසුම් පුවත් මළසිරුර නිවසේ නරක් වෙලා – හමුවුණේ සති දෙකකින්! සුරූපී පකිස්ථාන නිළියගේ මරණය...

මළසිරුර නිවසේ නරක් වෙලා – හමුවුණේ සති දෙකකින්! සුරූපී පකිස්ථාන නිළියගේ මරණය අබිරහසක්? (VIDEO)

32 හැවිරිදි පකිස්ථාන නිළියක්, නිරූපිකාවක් සහ රියැලිටි රූපවාහිනී තරුවක් වන හුමයිරා අස්ගාර් අලි අබිරහස් අන්දමින් මියගොස් තිබෙනවා.

පාකිස්ථානයේ කරච්චි නුවර DHA VI අදියරේ පිහිටි ඇගේ මහල් නිවාසය තුළින් ඇගේ මෘත ශරීරය සොයා ගනු ලැබුවේ මීට දින දෙකකට පෙර, එනම් ජූලි 08 වැනිදා.

බලධාරීන් විසින් සොයා ගන්නා විටත් ඇගේ සිරුර නරක් වෙමින් පැවති අතර ඇය මියගොස් සති දෙකත් – තුනත් අතර කාලයක් ගත වී ඇති බවටයි සැක කෙරෙන්නේ.

ඇය වසර ගණනාවක් පුරා මෙම මහල් නිවාසයේ තනිව ජීවත්ව සිට ඇති අතර, මාස කිහිපයක් තිස්සේ එහි කුලිය ගෙවා නැති බවද වාර්තා වනවා.

ලාහෝර් හි උපත ලැබූ මේ සුරූපිණිය ලාහෝර් හි ජාතික කලා විද්‍යාලයෙන් සහ කලා සහ නිර්මාණ විද්‍යාලයෙන් දෘශ්‍ය හා රංගන කලා පිළිබඳ විධිමත් පුහුණුවක් ලබා ඇති දක්ශ කලාකාරිණියක්.

2013 දී නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙමින් තම කලා දිවිය ආරම්භ කළ හුමෙයිරා අස්ගාර් අලි පසුව රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිසුණා.

ඇය මහත් ජනාදරයක් හිමිකර ගත්තේ 2022 වසරේ විකාශය වූ පකිස්ථාන රියැලිටි වැඩසටහනක් වන “තමාෂා ඝාර්” වැඩසටහනට සහභාගි වීමෙන් පසුවයි.

ඇයගේ මරණය හදිසි අසනීපයක්ද, දිවි නසාගැනීමක්ද, එසේත් නැතිනම් කිසියම් අපරාධයක්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

පොලිසිය පවසන්නේ දැනට කිසිදු අපරාධයක් පිළිබඳ සාක්ෂි වාර්තා වී නැති බවයි.

ඇගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ජින්නා පශ්චාත් උපාධි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සුරූපී නිළියගේ ඉරණම අභිරහසක්! සිරුර හමුවුණේ සති දෙකකින්! දෙවියනේ! ඇයට වෙලා තියෙන දේ! | NewstabLK
Exit mobile version