
ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ නව තීරුබදු සහනය කලාපයේ සහ අනෙක් ප්‍රබල රටවල් සමග සාපේක්ෂව ගත් කළ ප්‍රතිශතයක් වශයෙන් විශාල අඩුවීමක් බවට රජය පවසනවා.
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්‍යය හර්ෂණ සුරියප්පෙරුම මහතා විසින් අද (10) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියා.
පෙර පනවා තිබූ 44%ක් වූ තීරුබදු ප්‍රතිශතයට 14%ක ප්‍රතිශතයකින් අඩු කරමින් සියයට 30% ක මට්ටමට ගෙන ඒම සැලකිය යුතු තරම් සුබදායී කරුණක් බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අදහස වන්නේ.
එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අදහස වී ඇත්තේ මෙම බදු ප්‍රතිශතය මීට වඩා අඩු මට්ටමකට ගෙන එන්නට හැකිව තිබූ බවයි.
තීරුබදු අඩු කර ගැනීම සඳහා ඇමරිකානු රජය සමග පැවැත්වූ සාකච්ඡා වලදී ශ්‍රී ලංකා රජය පාර්ශයෙන් දැක්වූ දුර්වලතාවය නිසා එම අවස්ථාව අහිමිව ගොස් ඇති බවට විපක්ෂ නායකවරයා පවසනවා.
කෙසේ වෙතත්, ඇමරිකාව සමග තවදුරටත් තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට අගෝස්තු මස 01 වැනි දින තෙක් අවස්ථාව තිබෙන බවට රජය වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා.