Home උණුසුම් පුවත් බස් රියදුරන් ආණ්ඩුවෙන් හදිසියේ කළ ඉල්ලීම!

බස් රියදුරන් ආණ්ඩුවෙන් හදිසියේ කළ ඉල්ලීම!

බස්රථ රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළදීම අනිවාර්ය කිරිමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන්නැයි, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

පැරණි බස් රථවල ආසන පටි නොමැති බැවින් ඒවා සවි කර ගැනීමට කාලයක් අත්‍යාවශ්‍ය බවත්,එම නීතිය ක්‍රියාත්මක විය යුතු වුවද ඊට මැදිහත් වීමට ජාතික ගමනාගමන කොමිසමට බලයක් නොමැති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා සිටී.

මෙම තීරණය අනිද්දා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

Exit mobile version