
විවිධ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් 18 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ද විසින් සිදු කරයි.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට දූෂණ චෝදනා එල්ල වූ රාජ්‍ය නිලධාරීන් පස් දෙනෙකු මේ වන විට විදේශගතව සිටින අතර අවශ්‍ය අවස්ථාවලදී මෙම නිලධාරීන් මෙරටට ගෙන්වා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව එම ආරංචි මාර්ග තවදුරටත් පැවසුවේය.
දේශපාලනඥයන්ට දූෂණ සහ අක්‍රමිකතා සිදු කිරීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන මෙම රාජ්‍ය නිලධාරීන් ද එම අක්‍රමිකතාවලින් වාසි ලබාගෙන ඇති බව හෙළි වී තිබේ.
කෝටි ගණන් වටිනා ඉඩම්, වාහන ඇතුළු දේපළ මිලදී ගෙන ඇති නිලධාරීන් කිහිප දෙනෙකු පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇති බව විමර්ශන කණ්ඩායම් පවසයි.
විමර්ශන කණ්ඩායම් මේ දිනවල මෙම නිලධාරීන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරමින් සිටියි.