
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සිය බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය සහ දියණිය සමග අද කිරිවෙහෙර හා කතරගම පුදබිමට පැමිණ වන්දනාවේ නිරත වුණා.
උදෑසන කිරිවෙහෙර වන්දනා කර, මහසෙන් දේවාලයේ සහ දැඩිමුණ්ඩ දේවාලයේ පූජාවට එක්වීමෙන් අනතුරුව ඔහු කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත්තා.
ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා අෂ්ටඵල බෝධීන් වෙනුවෙන් චීවර සහ මල් පූජා කර ගණදේවාලයේ සහ කතරගම දේවාලයේ මුරුතැන් පූජාවටද එක්වී ආශීර්වාද ලබා ගත් බවයි වාර්තා වන්නේ.
