
ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ එවින් බන්ධනාගාරයට පසුගිය 23 වනදා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 71 දෙනෙකු මියගොස් ඇති බව ඉරානය අද (29) ප්‍රකාශ කර තිබේ.
ප්‍රහාරයෙන් මෙලෙස මියගොස් ඇත්තේ පරිපාලන කාර්ය මණ්ඩලය, හමුදා සේවයේ නියුතු පිරිසක්, රැඳවියන්, රැඳවියන් බැලීමට පැමිණි පවුලේ සාමාජිකයන් සහ බන්ධනාගාරය අවට ජීවත් වූ අසල්වැසියන් ඇතුළු 71 දෙනෙකි.
ප්‍රහාරයෙන් මියගිය පිරිසකට අමතරව තවත් පිරිසක් තුවාල ලබා සිටින බව සඳහන් වන අතර එවින් බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැගිල්ලේ කොටසකට හානි සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටී.
එවින් බන්ධනාගාරයේ වසර තුනක් රඳවා සිට සිටින ප්‍රංශ පුරවැසියන් දෙදෙනෙකු ඇතුළු විදේශීය ජාතිකයන් ගණනාවක් සිටින බව ද සඳහන් වේ.
ඉරානය සමඟ පැවති යුද්ධයක් අවසානයේ, ඊශ්‍රායලය ටෙහෙරානයේ දේශපාලන සිරකරුවන් සඳහා වූ වඩාත්ම කුප්‍රකට බන්ධනාගාරයට පහර දුන්නේ, ඉරානයේ පාලන පද්ධතියේ සංකේත ඉලක්ක කර ගනිමින් හමුදා සහ න්‍යෂ්ටික ස්ථානවලින් ඔබ්බට තම ඉලක්ක පුළුල් කරමින් සිටින බව පෙන්නුම් කරමිනි.