Home උණුසුම් පුවත් චමල් ඇතුලට ගන්න වැඩේ අවුල් වෙයි! විමර්ශනයට බාධා!

චමල් ඇතුලට ගන්න වැඩේ අවුල් වෙයි! විමර්ශනයට බාධා!

ජනාධිපති ලේකම් කාර්යාලයේ අත්තනෝමතික ක්‍රියාකලාපයක් හේතුවෙන් හිටපු කථානායක චමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සැලසුම ව්‍යර්ථ වී ගොස් ඇතැයි (යටත් පිරිසෙයින් කල් පමා වී ඇතැයි) පුවතක් වාර්තා වේ.

සිද්ධිය සැල වන අන්දමට, චමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණේ අරගල සමයේ ගිනි තබා විනාශ කරන ලද දේපලක් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සපයමින් රජයෙන් රුපියල් එක්කෝටි පනස්ලක්ෂ විසි දෙදහස් හයසීයක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේය.

තිස්සමහාරාමයේ මාගම පිහිටි එම ගොඩනැගිල්ල තමාගේ නිවස බවට ඔහු විසින් තොරතුරු ලබා දී තිබුණත්, එය නිවසක් නොව වෙනත් අයෙකුට අයිති වී ගබඩාවක් පමණක් බවත්ට පසුව තොරතුරු වාර්තා වී තිබිණි.

මේ සම්බන්ධයෙන් හිටපු කතානායකවරයා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියා පටිපාටියේ පියවරක් වශයෙන් අදාල දේපලෙහි සැබෑ හිමිකරු සොයා ප්‍රශ්න කළ යුතුව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පූර්ව වශයෙන් මාධ්‍ය දැනුවත් කොට ප්‍රසිද්ධියට පත් කිරීම නිසා විමර්ශන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවට ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබී තිබේ.

මෙම විමර්ශනය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලබා දී තිබුණු පැමිණිල්ලකි.

Exit mobile version