Home උණුසුම් පුවත් විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් කෝටි 05ක අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලද පැමිණිලිවලට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර, සැකකරු මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ කිරුලපන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

සැකකරු පුද්ගලයින් 150කගෙන් පමණ මෙලෙස මුදල් වංචා කර ඇති බව සිදුකළ විමර්ශන වලිදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියවැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Exit mobile version