අඩු කළ බස් ගාස්තුව ගැන සභාපතිගෙන් දෝස්මුරයක්

4

සියයට 2.5කින් බස් ගාස්තුව අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 2.5%කින් බස් ගාස්තු සංශෝධනය කෙරෙන බව එම කොමිෂන් සභාව පවසා සිටී.

ප්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන්  සහ බස් සංගම් නියෝජිතයින් අතර, මීට අදාළව අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ප්‍රතිශතය අනුව ගත් කළ බස් ගාස්තුව රුපියලකින් හෝ රුපියල් 2කින් අඩුවෙනු ඇති බවත්,මෙහි ප්‍රතිලාභය මගියාට හෝ බස් සංගම්වලට හිමි නොවන බවත්ය.