රාජ්‍ය සේවයට අලුතින් 30000ක් බඳවා ගැනීම ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසා සිටී.
අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශකර සිටියේ ඒ අනුව රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටද ඒ යටතේ සුදුස්සන් බඳවා ගන්නා බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ කළමණකාරණ සහකාරවරුන්, ග්‍රාම නිලධාරීවරුවන් ඇතුළු රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් සඳහාද සුදුස්සන් බඳවා ගැනීම සිදුකරන අතර සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදු කරන බවයි.
රාජ්‍ය සේවයට එක්වර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 7කට පමණ පසුව බව සඳහන්වේ.