Home උණුසුම් පුවත් සජබය තවත් අයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

සජබය තවත් අයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කන්දකැටිය ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ නවරත්න මුදියන්සේලාගේ විජේපාල මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බව වාර්තා වේ.

සමගි ජන බලවේග පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුකූලව කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් පක්ෂය විසින් මෙම තීරණය ගෙන ඇති අතර පක්ෂ මහ ලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ව ඇත.

Exit mobile version