සජබය තවත් අයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

31

කන්දකැටිය ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ නවරත්න මුදියන්සේලාගේ විජේපාල මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බව වාර්තා වේ.

සමගි ජන බලවේග පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුකූලව කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් පක්ෂය විසින් මෙම තීරණය ගෙන ඇති අතර පක්ෂ මහ ලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ව ඇත.