විපක්ෂයට ඇඬෙයි රායි මැච් එක ගහයි

16

මීට සුළු මොහොතකට පෙර කොළඹ මහ නගර සභාවේ ආරම්භ වූ මංගල සැසියේ නගරාධිපතිවරයා තේරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී කොළඹ මහ නගර සභාවේ බලය මාලිමාවට හිමිවී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ඡන්ද 61ක් ලබා කොළඹ නගර සභාවේ නගරාධිපති ධුරය ව්‍රායි කැලී බල්තසාර් හිමි කරගෙන තිබේ.


කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂය වෙනුවෙන් තරග කළ රීසා සාරුක්ට දිනා ගැනීමට හැකි වූයේ ඡන්ද 54ක් පමණයි.

ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් කොළඹ 26 වන පුරපතිවරයා ලෙස ව්‍රායි කැලි බල්තසාර් වැඩි ඡන්ද 7කින් තේරී පත්විය.
මේ අතර, බහුතර එකඟතාවය මත නියෝජ්‍ය නගරාධිපති ලෙස හේමන්ත කුමාර මහතා තේරී පත්වුණි.