Home උණුසුම් පුවත් අස්වැසුමේ මුදල් වංචා කළ නිලධාරිනිය රිමාන්ඩ්

අස්වැසුමේ මුදල් වංචා කළ නිලධාරිනිය රිමාන්ඩ්

අස්වැසුම මුදල් වංචා කළ බව කියන කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිවරිය අස්වැසුම මුදල් වංචා කළ බවට සැක පිට ඊයේ (13) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අස්වැසුම මුදල් රුපියල් තිස් පන්ලක්ෂ අසූ දහසක මුදලක් වංචා කර ඇති බවට සැකකාරියට චෝදනා එල්ල වී තිබුණි.

Exit mobile version