Home උණුසුම් පුවත් පොලිස් නිලධාරියකුගේ පිළිස්සුණු මළ සිරුරක් ත්‍රීවිල් රථයක

පොලිස් නිලධාරියකුගේ පිළිස්සුණු මළ සිරුරක් ත්‍රීවිල් රථයක

මීගමුව, කොච්චිකඩේ කම්මල් තොටුපොළ මුහුදු තීරයේ ත්‍රීරෝද රථයක් තුළ පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක් අද (14) උදෑසන සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් රියදුරෙකු වන ජයන්ත පුෂ්පකුමාර නම් වයස අවුරුදු 56ක් වන මීගමුව දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසා සිටී.

මෙම සිද්ධිය අද උදෑසන ප්‍රදේශවාසීන් දැක ඇති අතර, ඔවුන් විසින් කොච්චිකඩේ පොලීසිය දැනුම්වත් කර තිබේ.

ඒ අනුව කොච්චිකඩේ පොලීසිය හා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති නමුත් සිද්ධිය සම්බන්ධයෙන් දැනට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.

Exit mobile version