ඉන්දීය ගුවන් අනතුරින් එක් මගියෙකුගේ දිවි බේරෙයි

12

මගීන් 200කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් අද (12) පස්වරුවේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

ගුවන් අනතුරෙන් එහි සිටි සියලු දෙනාට දිවි අහිමි වූ බව අනතුරෙන් පැය කිහිපයකට පසු ඉන්දීය මාධ්‍ය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය කිහිපයක්ම තහවුරු කරනු ලැබුවත් අදාළ ගුවන් යානයේ 11A ආසනයේ සිටි මගියා මේ වනවිට දිවි බේරාගෙන තිබේ.

මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ ඉන්දීය සම්බවයක් ඇති විශ්වාෂ් නම් 40 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ය.

ඔහු තම පවුලේ අය බැලීම සඳහා දින කිහිපයකට ඉන්දියාවට පැමිණ තිබේ. විශ්වාෂ්, සිය සහෝදරයා සමග නැවත එක්සත් රාජධානිය වෙත යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණපා ඇත.

කෙසේ නමුත් ඔහුගේ පපුවේ, ඇස්වල සහ පාදවලට තුවාල සිදුව තිබෙන අතර මේ වනවිට ඔහු අහමදාබාද්හි අසාර්වා රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.