Home උණුසුම් පුවත් ළඟදීම මෙට්‍රෝ බස් ධාවනයට එක්වෙයි

ළඟදීම මෙට්‍රෝ බස් ධාවනයට එක්වෙයි

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වී තිබුණි.ඒ අනුව, බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව මාකුඹුර (කොට්ටාව), කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා සුවපහසු, පහත් පිවිසුම් සහිත බස් රථ 100ක් සේවයේ යෙදවීමට නියමිතයි.


ඒ අනුව, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිතකර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

Exit mobile version