සීනි නැති රටේ ආණ්ඩුව සීනි රට යවයි!

8

දේශීයව නිෂ්පාදනය කරන ලද දුඹුරු සීනි, කාබනික සීනි වර්ගයක් ලෙස අපනයනය කිරීම සඳහා රජය චීනය, ඉරානය සහ අප්‍රිකානු රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද ප්‍රකාශ කර තිබේ.

ලෝක වෙළඳපොලේ කාබනික සීනි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවත්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද දුඹුරු සීනි කාබනික ප්‍රතිශතයෙන් ඉහළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

දුඹුරු සීනි අපනයනය කිරීමට ගත් පියවර සීනි කර්මාන්තශාලාවල ආදායම ඉහළ නැංවීම සඳහා විකල්පයක් වන බව ඔහු කියා සිටී.