ඔස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්

12

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් ප්‍රදේශයට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පනස්දහසකට අධික පිරිසක් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

එම ගංවතුර තත්ත්වයෙන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා සිටී.

ගලවා ගැනීම් මෙහෙයුම්වල සහන සේවකයින් දෙදහසකට වැඩි පිරිසක් යොදවා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.