පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආනයනික ලුණු තොගය දිවයිනට පැමිණීම තව දින කිහිපයකින් ප්‍රමාද විය හැකි බව ජාතික ලූණු සමාගම පවසා සිටී.
පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගයක් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.
පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික්ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයනය කරන ලද ලුණු මෙට්‍රික්ටොන්2800ක් ලෙස ලුණු මෙට්‍රික් 3,050ක තොගයක් මෙලෙස දිවයින පැමිණීමට නියමිතව තිබුණි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින කිහිපයක් එම ලුණු තොගය ප්‍රමාද විය හැකි අතර ඉන් අනතුරුව අඛණ්ඩව ලුණු මෙරටට ගෙන එම සිදුවන ඇති බව ජාතික ලුණු සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී. එමගින් දිවයිනේ පවතින ලුණු හිඟය පහව යනු ඇති බව එම සමාගම පවසා සිටී.