Home උණුසුම් පුවත් කාරක සභාවක සභාපති පුටුව නීතීඥ ලක්මාලී හේමචන්ද්‍රට

කාරක සභාවක සභාපති පුටුව නීතීඥ ලක්මාලී හේමචන්ද්‍රට

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්මාලී හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව ඇති බව වාර්තාවේ.

අද (22) කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත් කර තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිගේ නම යෝජනා කර ඇති අතර මන්ත්‍රී කන්ද සාමි ප්‍රභූ මහතා විසින් එය ස්ථිර කර ඇත.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගී වී තිබේ.

Exit mobile version