ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය හෙට (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තාවේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන සෞඛ්‍ය ලේකම්වරිය සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බව පරිපූරක වෛද්‍ය වෘත්තිවේදීන්ගේ බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
ඒ අනුව හෙට (22) දවසේ සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදුවන බව එම බලමණ්ඩලය පැවසීය.
තම ගැටළු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටියද සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අවස්ථාවක් ලබා නොදුන් බව පවසමින් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.