අල්ලස් ගත් OIC පොලිස් දැලේ

10

රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුරවසන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.

පැමිණිලිකරු විසින් මිලදීගෙන ඇති ඉඩමකට අදාළව ඇති ආරවුලක් විසඳා සම්මතයකට පත්කර දීම වෙනුවෙන් හා පැමිණිලිකරුගේ ඉඩම් කටයුතු කරදරයකින් තොරව කරගෙන යාමට අවශ්‍ය කටයුතු කරවාදීම වෙනුවෙන් මෙම මුදල අල්ලසක් ලෙස ඉල්ලා තිබුණි.

පසුව අදාළ රුපියල් ලක්ෂ 5ක මුදල අයද භාරගැනීමේ චෝදනාව මත පොලිස් ස්ථානාධිපතිවරයාව ඊයේ (21) සවස 5.25 ට පමණ පුරවසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ නිල රාජකාරී කාර්යාලයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (22)වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.