Home උණුසුම් පුවත් අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රීට ඇප

අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රීට ඇප

මුල්‍ය වංචාවක් සිදුකළ බවට එල්ල වූ චෝදනාවලට මෙවර පළාත් සභා මැතිවරණයෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට මාලිමාවෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

මෙම සැකකාර මන්ත්‍රීවරයාව ඊයේ (20) දින සිට අද (21) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට අද අධිකරණයට යළි ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී මෙම ඇප හිමිවී තිබේ.

සැකකාර මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 59ක මූල්‍ය චෝදනාවක් එල්ලවීම හේතුවෙන් බණ්ඩාරවෙල කොට්ඨාස මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Exit mobile version