Home උණුසුම් පුවත් දරුණු රිය අනතුරක් – කැබ් රථයක් චප්ප වෙයි (PHOTOS)

දරුණු රිය අනතුරක් – කැබ් රථයක් චප්ප වෙයි (PHOTOS)

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයේදී අද (25) සවස බස් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

කැබ් රථයේ ගමන් ගත් රියදුරු සහ බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු මෙසේ තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

තුවාල ලැබුවන් අතර පාසල් සිසුන් දෙදෙනෙකු හා ගුරුවරියකද වනවා.

කෙසේ වෙතත් මෙම අනතුර අතරතුර මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් හා ලොරියක් ගැටීමෙන් ද තවත් අනතුරක් ද සිදුව තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version