Home උණුසුම් පුවත් ගුවන් යානයක හදිසි ගින්නක්! ජීවිත රැසක් නූලෙන් බේරෙයි

ගුවන් යානයක හදිසි ගින්නක්! ජීවිත රැසක් නූලෙන් බේරෙයි

ගුවන්යානයක එන්ජිමක ඇතිවූ ගින්නක් හේතුවෙන් හදිසි ගොඩබැස්වීමක් සිදුකර තිබෙනවා.

මෙම පුවත වාර්තා කොට තිබෙන්නේ විදෙස් මාධ්‍ය විසින්.

ඇට්ලන්ටා ගුවන්තොටුපළ බලා පියාසර කරමින් තිබූ ඩෙල්ටා ගුවන්සේවයට අයත් බෝයිං 767 මාදිලියේ ගුවන්යානයක මෙම හදිසි ගිනිගැනීම ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

ගුවන් යානයේ වම් එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය පෙන්නුම් කරන වීඩීයෝවක්ද සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර, යානය ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපළට ආරක්ෂිතව ගොඩබස්සවා ඇති බවට විදෙස් මාධ්‍ය කියා සිටිනවා.

ගුවන්තොටුපොළ ගිනි නිවන භටයින් විසින් ගින්න මැඩපැවැත්වීමට සමත්ව ඇති අතර මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version