Home උණුසුම් පුවත් ගෝනෙකු මරා සැප රියෙන් ඇද්ද තුනක් පොලිස් දැලේ!

ගෝනෙකු මරා සැප රියෙන් ඇද්ද තුනක් පොලිස් දැලේ!

වෙඩිතබා මරාදැමූ ගෝනෙකු ප්‍රාඩෝ ජීප් රියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 40-50 වයස් කාණ්ඩවල පසුවන මෙම සැකකරුවන් තිදෙනා කුරුණෑගල සහ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.

සැකකරුවන් තිදෙනා ප්‍රාඩෝ රියෙන් නුවර එළිය ප්‍රදේශය කරා පැමිණ සීතාඑළිය අම්මන් කෝවිල අසල රක්ෂිතයේ දී බලපත්‍රයක් නොමැති බෝර 12 ගිනි අවියකින් වෙඩිතබා හොඳින් වැඩුණු ගෝනෙකු වෙඩි තබා මරා දමා තිබෙනවා.

ඉන්පසු සත්වයාගේ මළ සිරුර ප්‍රාඩෝ ජීප් රථයේ පටවාගෙන දංකොටුව දක්වා ආපසු රැගෙන යමින් සිටියදීයි ඔවුන් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ.

සැකකරුවන් කාලයක් තිස්සේ මෙම ජාවාරමේ නිරතව සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි නුවරඑළිය පොලිසිය පවසනවා.

සැකකරුවන් තිදෙනා සතුව තිබී බලපත්‍රයක් නොමැති බෝර 12 ගිනි අවියක්, උණ්ඩ 09ක්, කුඩා ඊයම් බෝල 165ක් සහ තරමක් ලොකු ඊයම් බෝල 09ක්ද පොලිස් භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරුණු අතර ජූලි මස 31 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කොට සිටිනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version