Home උණුසුම් පුවත් වැව් රක්ෂිත වල මැති ඇමති හෝටල් – මාලිමා ඇමති දැඩි තීන්දුවක

වැව් රක්ෂිත වල මැති ඇමති හෝටල් – මාලිමා ඇමති දැඩි තීන්දුවක

වැව් රක්ෂිත කලාප 23ක් තුළ දේශපාලකයින් විසින් නාන තටාක සහිත හෝටල් ඉදිකර ඇතැයි පුවතක් වාර්තා වනවා.

අනුරාධපුර නුවර වැව, ඉරක්කමන් වැව, දම්බරාවැව, දෙමෝදර වැව, උන්නච්චයි වැව, නව කිරි වැව, ඇල්ල කන්ද වැව, තිස්ස වැව, රිදියගම වැව, දේවහූව වැව, වෑමැඩිල්ල වැව, සියඹලංගමුව වැව, දැදුරුඔය ජලාශය, මුතුකණ්ඩිය වැව, යෝධ වැව, අකතිමුරුප්පු වැව, වියදි කුලම්, පාවට්ට කුලම්, මින්නේරිය වැව, ගිරිතලේ වැව, ඉඟිණිමිටිය ජලාශය, තම්බෝව වැව සහ කන්තලේ වැව ආශ්‍රිත රක්ෂිතයන්හි මෙම ඉදිකිරීම් සිදු කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම අනීතික ඉදිකිරීම් සිදු කොට ඇති වැව් 23ම රක්ෂිත මායිම් නිවැරදිව සලකුණු කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය විසින් සැලසුම් කොට තිබෙන බවද වාර්තා වනවා.

එහි පළමු පියවර අනුරාධපුර නුවර වැවෙන් ආරම්භ කිරීමට තීරණය වී ඇති අතර නුවර වැවේ මැනුම් කටයුතු වලදී සාම්ප්‍රදායික මායිම් ගල් වෙනුවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනන්‍ය වූ විශේෂ සලකුණක් යොදා රක්ෂිතය නම් කිරීමට සැලසුම් කොට තිබෙන බවයි පැවසෙන්නේ.

පෙරේදා (17) උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තොරතුර අනාවරණය වූවා.

වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ විසින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබුවා.

මේ අතර, නුවර වැව් රක්ෂිතයේ ඉදිකර ඇති මහ ඇමති නිල නිවස, ආණ්ඩුකාර නිල නිවස සහ අභිමන්සල වැනි රාජ්‍ය ඉදිකිරීම් පළමුව ඉවත් කොට ආදර්ශයක් ලබා දිය යුතු බවට මෙහිදී අදහස් දැක්වූ උතුරුමැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. දිසානායක මහතා පෙන්වා දී තිබෙන බවද සඳහන් වනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version