Home උණුසුම් පුවත් තලවතුගොඩ වෙඩිල්ලේ සිද්ධිය වෙනස් වෙයි – දැන් ඇසෙන අලුත්ම පුවත

තලවතුගොඩ වෙඩිල්ලේ සිද්ධිය වෙනස් වෙයි – දැන් ඇසෙන අලුත්ම පුවත

අද උදෑසන වාර්තා වූ තලවතුගොඩ රාත්‍රී සමාජශාලාවක් ඉදිරිපිට සිදු වූ බව කියන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අප මින් පෙර ඔබ වෙත තොරතුරු ගෙන ආවා.

දැන් වාර්තා වී තිබෙන්නේ පෙර වාර්තාකළ සිදුවීමට වඩා හාත්පසින්ම වෙනත් පුවතක්.

මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍යයක් විසින් මෙම පුවත වාර්තා කොට තිබෙනවා.

එහි සඳහන් වන්නේ, අද (19) අලුයම් කාලයේ තලවතුගොඩ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට සිදු කරන ලද වෙඩිතැබීම, සමාජ ශාලාව වෙත පැමිණි පුද්ගලයින් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිගයෑමෙන් පසු එම ස්ථානයට පැමිණි වෙනත් පුද්ගලයෙකු විසින් සිදුකරන ලද වෙඩිතැබීමක් බවයි.

බලපත්‍ර සහිත රිවෝල්වරයක් රැගෙන පැමිණි අදාළ පුද්ගලයා විරුද්ධ පාර්ශ්වය තැති ගැන්වීම සඳහා තාප්පයට වෙඩිතබා ඇති බවටයි එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් එම පුවතේ සඳහන් වනවා.

සිද්ධියට අදාල පෙර පුවත පහතින් බලන්න.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version