Home උණුසුම් පුවත් තලවතුගොඩ වෙඩි තැබීමක්

තලවතුගොඩ වෙඩි තැබීමක්

අද (19) අලුයම තලංගම පොලිස් වසමේ තලවතුගොඩ පිහිටි සාමාජ ශාලාවක් අසලදී සුරාබදු නිලධාරියෙකු හා ව්‍යාපාරිකයෙකු අතර බහින් බස්වීමක් ඇති වී තිබෙනවා.

මෙහිදී ව්‍යාපාරිකයා විසින් තමා සතුව තිබූ බලපත්‍ර සහිත රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සුරාබදු නිලධාරියා වෙත එල්ල කර තිබෙනවා.

පසුව එම ගිනි අවිය උදුරාගත් සුරාබදු නිලධාරියා අසල පිහිටි තාපයක් වෙත උණ්ඩ 04ක් එල්ල කර ඇති බව සඳහන් වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානය වෙත දැනුම් දීමෙන් පසු එම ස්ථානය වෙත ගිය තලංගම පොලිසිය විසින් එම උණ්ඩ සහිත රිවොල්වර ගිනි අවිය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එම වෙඩි තැබිමේ සිද්ධියෙන් කිසිවෙකුටත් ජිවිත හානියක් සිදුවී නොමැති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version