
අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන තවදුරටත් රක්ශිත බන්ධනාගාරගත කොට තිබෙනවා.
ඒ, එළඹෙන අගෝස්තු මස 01 වනදා දක්වායි.
අද නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළා.
එසේම, මීළඟ නඩු විභාගයට පෙර, සාක්ෂිකරුවන් වශයෙන් නම් කොට සිටින ග්‍රාමීය මට්ටමේ සියළු රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියෝග කළා.
මේ අතර, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ පැමිණිල්ලක් කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.
මෙම පැමිණිල්ලක් ගොනු කෙරෙනුයේ ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් බව සඳහන්.
හිටපු අමාත්‍යවරයා එහිදී මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s