Home උණුසුම් පුවත් කෙහෙළිය මඩි ගැසූ සල්ලි බැංකු ගිණුම් 16ක! උසාවියේදී හෙළි වූ දේ

කෙහෙළිය මඩි ගැසූ සල්ලි බැංකු ගිණුම් 16ක! උසාවියේදී හෙළි වූ දේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ, සැක සහිත බැංකු ගිණුම් 16ක් ඔස්සේ රුපියල් කෝටි නවයකට අධික වත්කම් අයථා සහ හෙළි කළ හොහැකි ආකාරයෙන් උපයා ඇති බවට අල්ලස් කොමිසම විසින් චෝදනා කරනවා.

මෙම කරුණු හෙළිදරව් වූයේ ඊයේ (17) හිටපු ඇමතිවරයා ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීමේ නඩු කටයුත්ත අවස්ථාවේදී.

2020 වසරේ සිට 2024 වසර දක්වා වූ සිව් වසරක කාලය තුළ සිදු කළ බවට පැවසෙන මෙම අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට අමතරව ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී, දියණියන් වන චමිත්‍රි ජයනිකා, චන්දුලා රමාලි, අමාලි නයනිකා සහ බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අයට එරෙහිව ද චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම චෝදනා විභාගය තවදුරටත් සිදුවන අතර අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුවට අදාළව, මෙම සැකකරුවන් සියලු දෙනාට කොන්දේසි සහිත ඇප ලබා දීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඊයේ (17) නියෝග කළා.

එක් එක් විත්තිකරුවකු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි විසින් විනිසුරුවරිය නියෝග කළේ.

එසේම, විත්තිකරුවන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීමද තහනම් කොට ඇති අතර, සියලු විත්තිකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසට ද නියෝග කෙරුණා.

මීට අමතරව, ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

කිහිලිකරුවත් ඇණ ඇණ කෙහෙළිය අධිකරණයට එයි! NewstabLK

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version